Health

පේරාදෙණිය රෝහලේ දී එන්නත විස වී තමන්ගේ ඇස් ඉදිරිපිට එකම දරුවා මැරුණ හැටි අම්මා කියයි !

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇති බව පේරාදෙණිය රෝහල් පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියක්.

උදාරාබාධය හේතුවෙන් පසුගිය 10 වැනි දින කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමඟ පේරාදෙණිය රෝහලට මාරුකර එවා තිබෙනවා.

හදිසි ප්‍රතිකාර ඒකකට පෙරවරු 9.00 ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30 ට පමණ හතේ වාට්ටුවට යොමු කළ බව මියගිය තරුණියගේ මව පවසන්නේ.

එහිදී සිදුකළ ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් චමොදිගේ මව පවසා සිටියා,

වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30 ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්වම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම අම්මා මගේ ඇස් වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්කම ටොයිලට් එකට දිව්වා.

මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා.

ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි.

චමෝදිගේ තාත්තා වයි. ජී ජයරත්නය.

දුව බඩ රිදෙනවා කිව්වා. බඩ එළිය සහ වමනය තමයි තිබුණේ. සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණ නිසා අඟහරුවාදා (11) එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරුකර එව්වා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00 ට විතර දුවව හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සේලයින් එක්ක දීලා 12.00 ට විතර 07 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එක්ක දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. දුව මැරෙන හැටි එයාගේ අම්මා දැක්කා.

තාත්තා කීවේය.

මෙම සිදුවීම පිලිබඳ විමර්ශනයක් කරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහල පවසන්නේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago