විශේෂඥ වෛද්‍යවරිය හා අමනාපවීමෙන් සේවයට නොපැමිණි ළමා රෝහලේ වෛද්‍යවරු තිදෙනෙකුගේ වැටුප් අත්හිටුවයි !

495 Views
1 Min Read

විශේෂඥ වෛද්‍යවරිය හා අමනාපයක් නිසා දින 20ක් සේවයට නොපැමිණි ළමා රෝහලේ 08 වැනි වාට්ටුවේ වෛද්‍යවරු 03ගේ වැටුප් අඅත්හිටුවා තිබෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8 වාට්ටුවේ සේවයට වාර්තා නොකරන වෛද්‍යවරු තිදෙනාගේ වැටුප් නතර කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේය.

මෙම වෛද්‍යවරුන් තිදෙනාගේ වැටුප් නතර කරන බවට ලිඛිතව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (10) ලිපියක් යොමු කළ බව ද ඔහු පැවසුවේය.

ජූනි මස 21 වැනිදා සිට දින 20 ක කාලයක් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැති බවත් එවැනි නිලධාරීන් පිරිසකට රජයේ වැටුප් ගෙවීම සිදු කළ නොහැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය.ඊට හේතුව රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් සැර පරුෂ ලෙස හැසිරෙන බවට ප්‍රකාශ කරමින් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නොමැත.

මෙම ගැටලුව වසරකට අධික කාලයක සිට පැවතියත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ද දන්වා තිබුණත් මෙතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දී නොමැති බවට වාර්තා වේ.

Share This Article
1 Comment