පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලම අසලදී බස් රථයක් ඔයට පෙරලීමෙන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගිය පුද්ගලයන් අතර අවුරුදු 17 ළමයෙක් සහ කාන්තාවක් සිටින බව පොලිසිය පවසයි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිරුරු අත්දැයි සොයා බැලීමට නාවික හමුදාවේ සහාය ලබාගැනීමට නියමිතය.
බස්රථය පාලම මතින් 75%ක දුරක් ධවනය කර ඇති අතර ඉන් පසු ඔයට පෙරලී ඇති අතර පාලමට ආසන්න කැලෑබද ප්‍රදේශයේදී බසය අධික වේගයෙන් ධාවනය වී ඇති බව මගීහු පවසති. තවත් තුවාලකරුවන් රෝහල්ට ගෙන එමින් තිබූ බව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.
බසය අධික වේගයෙන් පැමිණියාද පාලම උඩදී ටයරයක් පිපුරුවාද යන්න පිළබඳව පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.
කදුරුවෙල සිට අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ඔයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…