News

ලෝකයේ ධනවත්ම යාචකයා ඉන්දියාවෙන් සොයාගැනේ !

ලොව ධනවත්ම යාචකයා වන ‘භාරත් ජේන්’ මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, භාරත් ජේන් ගෝලීය ධනවත්ම යාචකයා වන අතර මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකියි.

ජේන් රුපියල් කෝටි 7.5 ක ශුද්ධ වටිනාකමක් රැස් කර ගෙන තිබෙන අතර හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම් රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතින බවයි වාර්තා වන්නේ.

තවද, ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි මහල් නිවාසයක් හිමි අතර, මසකට රුපියල් 30,000 කට කුලියට දෙන තානේ හි සාප්පු දෙකක් තිබෙන බවත් සඳහන්. ඉන්දියාවේ ප්‍රමුඛ ස්ථාන වන චත්‍රපති ශිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය ස්ථානය හෝ අසාද් මයිඩන් හි මෙම පුද්ගලයා හිඟාකන බවයි වාර්තා වන්නේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago