Education

නවක වද චෝදනා ලැබූ පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුවෙක් දිවි නසා ගැනීමට සිදුකළ තැතක් වරදී – සිසුවා රෝහලේ !

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේදී එම උත්සාහ ව්‍යර්ථ වී තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

අද අළුයම එකට පමණ සේනක බිබිලේ නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයකදී සිසුවා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී බිම ඇදවැටී තුවාල ලැබ සිටි ඔහුව සිසුන් විසින් රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මෙම 25 හැවිරිදි සිසුවා ඊයේ රාත්‍රියේ සෙසු සිසුන් සමඟ රාත්‍රී ආහාර ගැනීමට පිටතට ගොස් නැත.

සෙසු සිසුන් ඔහුට ආහාර රැගෙන පැමිණ කතා කරන අවස්ථාවේ දොර වසා තිබී ඇත.

අනතුරුව සිසුන් අසල ජනේල වලින් කාමරයට ඇතුළු වී සෝදිසි කිරීමේදී මෙම සිසුවා බිම ඇද වැටී සිටින අයුරු දැක ඔහුව රෝහල් ගත කර තිබේ.

අභ්‍යන්තර තොරතුරුවලට අනුව මේ සිසුවා ඉකුත් වසරේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය හරහා  අසභ්‍ය දර්ශන පෙන්වමින් නවක වදය ලබා දීමට කටයුතු කළ සිසුන් කණ්ඩායම පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී හඳුනාගත් සිසුන් සිව් දෙනාගෙන් කෙනෙකි.

එම සිසුන් සිවු දෙනා නවක වද සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර සිසුන් තිදෙනෙක් මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත.

එහෙත් මෙම සිසුවා මේ වෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නැති බව දැනගන්නට තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago