News

Twitter යෙදුමට අභියෝග කරමින් Meta සමාගම විසින් Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වයි !

Meta සමාගම විසින් Twitter සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස Threads නමින් නව App එකක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවත් ඒ App එක App Store වල Pre Order කිරීමේ හැකියාව ලබා දුන් බවත් සහ එය අද (ජූලි 06) එළිදැක්වෙන බවත් අපි ඔබට තොරතුරු ගෙන ආවා. ඒ අනුව Meta සමාගම විසින් මේ Instagram Threads App එක නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

මෙම Instagram Threads App එක, Twitter App එකෙහි ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන වන අතර ඔබගේ Instagram ගිණුම හරහා මේ සඳහා Log විය හැකිවනවා. මේ හරහා ඔබට Creators ලා සමඟ ඍජුව සම්බන්ධ විය හැකි අතර ඔවුන්ව Follow කිරීමෙන් ඔවුන් පළ කරන Threads පහසුවෙන් කියවිය හැකි අතර, ඔබටද Creator කෙනෙකු ලෙසින් තවත් පුද්ගලයන් සමඟ ඔබේ Threads බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා.

තවද මෙම Threads සඳහා උපරිම අක්ෂර 500ක සීමාවක් පවතින අතර Threads සඳහා Photos සහ මිනිත්තු 5ක කාලයකින් යුත් Video ඇතුළත් කළ හැකිවනවා. තවද සාමාන්‍ය පරිදි මෙහිදී ඔබට Threads සඳහා like කිරීම repost කිරීම, reply කිරීම, Thread එක පළ කළ Creator block කිරීම, report කිරීම සහ Thread එකට වෙනත් පරිශීලකයන් mention කිරීම ආදිය කළ හැකිවනවා. තවද Instagramහි ඇති සියලුම Community Guidelines මේ යෙදුම සඳහාද බලපානු ලබනවා.

මේ Threads App එක Google Play Store සහ Apple App Store වෙත නිකුත් කර ඇති අතර ඔබට www.threads.net හරහා මෙහි Web Version එක මේ මොහොතේ සිටම භාවිතා කළ හැකියි. තවද මේ වන විට මේ App එකේ ලොව පුරා Sign Up ප්‍රමාණය මිලියන 2 ඉක්මවා ඇති බවත් Mark Zukerburg විසින් නිවේදනය කොට තිබෙනවා.

වර්තමානයේ බොහෝ දෙනා Facebook වෙනුවට Instagram භාවිතයට පෙළඹීමත් සහ බොහෝ තරුණ පිරිස Twitter වැනි සමාජ ජාලා භාවිතා නොකිරීමත් නිසා Instagram යෙදුමට සමගාමීවම මෙසේ හඳුන්වාදුන් මේ Threads App එක Meta සමාගම විසින් ගත් වැදගත් තීරණයක් බවට අපට පෙන්වා දිය හැකියි.

එමෙන්ම පුවත් පිළිබඳව යුහුසුළුව උනන්දු වන ඔබ සඳහාම Threads හරහා ද අපගේ පුවත් සේවාව පරිශීලනයට අවස්තාව ලබාදෙමින් Ceylon News Factory අප Threads හරහාද පුවත් සැපයීම සිදු කරනු ලබයි. අපගේ Threads ගිණුම සඳහා මෙතනින් පිවිසෙන්න.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago