Cricket

චමරි අතපත්තු ලෝකෙන්ම අංක 1 වෙයි !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ඊයේ(3) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් ඇය දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි චමරි මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

ඒ අනුව මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ Beth Mooney ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඇයට ශ්‍රේණිගත ලකුණු 754 ක් හිමියි. චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්. චමරි අතපත්තු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දී නොදැවී ලකුණු 108 ක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියා.

කෙසේවෙතත්, තෙවැනි තරගයේ දී පන්දු 80 කින් ඇය නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

ඒ අනුව මෙම තරගාවලියේ දී චමරි ලකුණු 248 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් අතර, එය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහනයයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago