පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රදේශයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් හා පස් කඳු කඩාවැටීම් අවදානමක් පවතින බවයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.