2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට රටවල් 9 ක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලිය සදහා අද (2) සුදුසුකම් ලැබීමත් සමගයි. මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 24 වැනි තරගයෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුුලු 9 ක ජයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව යන රටවල් ද ලෝක කුසලානය සදහා තරග කිරීමට නියමිතයි.
පසුගිය 27 වැනිදා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කළ අතර, ඒ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා නොතිබූ බැවින් එම තරග කාලසටහනට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරග කාලසටහනෙහි Qualifier 2 ලෙස සලකන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබුණා.
ඒ අනුව ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ 9 පහත ආකාර වෙයි.
ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…