රුපියල් මිලියන 30 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 92 ගෑම් 250 ක් මන්නාරම ඉලුප්පකඩවායි කලපු ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී කලපු ප්‍රදේශයේ ඉතා සූක්ෂමව සඟවා තිබූ ගෝනි 03 ක් දැක පරික්ෂා කිරීමේදී එහිතිබූ පාර්ස්ල් 42 ක මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.
සොයාගත් මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙනවිත් පසුව වෙනත් ප්‍රදේශයකට ජවාරම් කරුවන් රැගෙන යාමේ අරමුණින් යුතුව කලපු ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ලබාදෙන තෙක් නාවික හමුදා භාරයේම තැබීමට පියවර ගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…