අද (01) අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක දී පොදු ප්‍රවාහන සේවයේ යෙදුණු බස් රථයක් ගිනි ගැනීමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 25 දෙනෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇත.
පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පුද්ගලයන් 33 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, අධිවේගී මාර්ගයේ අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව නිලධාරීහු පවසති.
අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියෙන් දිවි ගලවා ගත් බස් රථයේ රියදුරු පැවසුවේ ටයරය පුපුරා යාමෙන් පසු බස් රථය කණුවේ වැදුණු බවයි.
අනතුරින් 25 දෙනෙකු පිළිස්සී මිය ගිය අතර, බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලට යවා ඇති බව බුල්දාන, පොලිස් අධිකාරී සුනිල් කඩසානේ පැවසීය.
“මේ මොහොතේ ප්‍රමුඛතාවය වන්නේ මළ සිරුරු හඳුනාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට භාර දීමයි,” කඩසානේ පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…