Economy

හෙට සිට තවත් ගාස්තුවක් වැඩිවෙයි !

ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළේය.

මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවේ.

වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබාගත හැකි බව දන්වා ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව 2023.06.27 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර ඇති නියෝගය පරිදි සංශෝධනය කර ඇති ගාස්තු පහතින්.

  1. විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව
    පැවති අගය – රු.17,928.00 (බදු සමග)
    නව අගය – රු.21,467.00 (බදු සමග)
  2. ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව
    පැවති අගය – රු.3,774.00 (බදු සමග)
    නව අගය – රු.4,483.00 (බදු සමග)
  3. රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව
    පැවති අගය – රු.58,974.00 (බදු සමග)
    නව අගය – රු.117,949.00 (බදු සමග)
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago