ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක ආධාර අනුමත කර තිබෙනවා.
මින් ඩොලර් මිලියන 500ක් අයවැය සහන සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ කටයුතු සඳහා වෙන් කෙරෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සමග එකඟතාවකට එළඹුනු අතර, ඉන් පසු හිමිවන විශාලතම මූල්‍ය සහය මෙය වනවා.