2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග හෙට (29) සිට ආරම්භ වනවා.
සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි.
එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.
සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා (30) පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.
සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත්, මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය (net run rate) ද සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.
ඒ අනුව සුපිරි 6 වටයේ වත්මන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ B කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන ඕමානයට හා ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.
සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, A කාණ්ඩයෙන් ඔවුන් සමග සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා නෙදර්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.
සුපිරි 6 වටයේ තරග කාලසටහන හා ප්‍රසාද ලකුණු සටහන පහතින් –
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…