Local

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරඟ කාලසටහන මෙන්න !

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් වුණා.

ඒ, තරගාවලියේ 15 වැනි තරගයේ දී අයර්ලන්තය පරදා ලකුණු 133 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්. සුපිරි 6 වටයේ තරග ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එම වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 30 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිවයි.

මූලික වටයේ දී ඒ ඒ කණ්ඩායම් කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද (සුපිරි හය වටයට සුදුසුකම් ලැබුවහොත්), A කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් A1 ස්ථානය කොදෙව්වන්ටත්, දෙවැනි ස්ථානය (A2) සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වන බව අයි.සී.සීය නිවේදනය කර තිබුණා.

ඊට අනුව B කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් B1 ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය(B2) අයර්ලන්තයටත් හිමිව තිබුණා. කෙසේ වෙතත්, අයර්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන

  • Friday, 30 June Super 6: Netherlands (A3) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Sunday, 2 July Super 6: Zimbabwe (A2) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Friday, 07 July Super Six: West Indies (A1) v Sri Lanka (B1), Harare Sports Club
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago