Local

බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී පැද්ද ව්‍යාපාරිකයා ගඟට වැටි අතුරුදහන් (PHOTOS)

විනෝදයට දිය මත පදින යතුරුපැදි (ජෙට්ස්කී) බොල්ගොඩ ගඟේ පදිමින් සිටි මාළු ව්‍යාපාරිකයෙක් බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලීමෙන් ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පානදුර උතුර පොලිසිය කියයි.

සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ දිග්ගල ශියා මාවත පදිංචිව සිටි හෙශාන් විතානගේ නමැති 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

අතුරුදන් වූ පුද්ගලයා සතියකට දින හතරක් පමණ ඔහුට අයත් බෝට්ටු දෙක සහ දිය මත පදින යතුරුපැදි දෙක උපයෝගී කරගෙන විනෝදයට මෝටර් බෝට්ටු සහ දිය මත යතුරු පැදි පැදීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අද (25) දිනත් ඔහු සුපුරුදු පරිදි විනෝදයට දිය මත යතුරු පැදි පැදවීමේදී ගොඩබිමේ සිට රස්කින් දූපත වෙත පෙරිට හරහා ගමන් කිරීම සඳහා යොදා තිබෙන නැව් කඹයේ පැටලී වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ ජෙට්ස්කී යතුරු පැදිය ගං ඉවුරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ව්‍යාපාරිකයාගේ සිරුර සෙවීම සදහා සඳහා පොලිස් එක් කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කරනු ඇතැයි පොලිසිය කියයි.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

23 minutes ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

32 minutes ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

37 minutes ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

14 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

14 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago