Cricket

දිමුත්ගේ ශතකය හා වනිඳුගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව සුපිරි හය දෙනාගේ වටයට (PHOTOS)

දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හා යළිත් කඩුලු 5 ක් දවා ගනිමින් වනිදු හසරංග දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්. 326 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 31 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කර්ටිස් කැම්පර් ලකුණු 39 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 33 කට දැවී ගියා. ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 26 යි. ජොෂ් ලිට්ල් දැවී ගියේ ලකුණු 20 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී අයර්ලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග යළි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා. එය ඔහු අඛන්ඩව කඩුලු 5 ක් දවා ගත් (පළමු තරගයේ දී කඩුලු 6ක්) තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

කසුන් රාජිත, ලහිරු කුමාර හා දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. පැතුම් ලකුණු 20 කට දැවී ගියා. අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් ද දවා ගැනීමට Barry McCarthy සමත් වීම විශේෂත්වයක්.

පසුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 159ක් තුල ලකුණු 168ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් සමග පිටියේ එක් වූ සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර අද රැස් කළේ සිය තෙවැනි එක්දින අර්ධ ශතකයයි. ඔහු පන්දු 86 කින් ලකුණු 82 ක් ලබා සිටියදී දැවී ගියා.

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් පන්දු 103 කින් ලකුණු 103 ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සමගින්. මෙය ඔහු අඛන්ඩව එක්දින පිටියේ දී ලකුණු 50 සීමාව පසුකළ 5 වැනි අවස්ථාව වීම කැපී පෙනෙනවා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් පහළ අගයක් ගනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 38 කටත්, දසුන් ශානක ලකුණු 5කටත්, වනිදු හසරංග ලකුණු 4 කටත් දැවී ගියා. ධනංජය ද සිල්වා පන්දු 35 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 4 ක් දවා ගත් අතර, Barry McCarthy කඩුලු 3 බිද හෙලුවා. Gareth Delany බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරඟයේ වීරයා බවට පත්වුයේ සිය මංගල එක්දින ශතකය වාර්තා කල දිමුත් කරුණාරත්නයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago