Local

දවස් පහක් බැංකු නිවාඩු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හදිසි දැනුම්දීමක් – ආණ්ඩුවේ අලුත්ම ගේම මෙන්න !

හෙටින් (26) ආරම්භ වන සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දී ඇත.

මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස කොළඹින් බැහැරව නොයන ලෙස දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම විදෙස් සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 28 වැනිදා පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට ද නියමිතව තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ බොහෝදුරට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ලබන 27 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධව රට තුළ විසංවාදයක් ඇති වී තිබෙන පරිසරයක ජූනි මස 30 වැනිදා රජය විසින් බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමෙන් මෑත ඉතිහාසයේ දේශීය බැංකු පද්ධතියට දීර්ඝතම නිවාඩුව ලබා දීම මේ වනවිට ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.

ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා බැංකු සහ රජයේ නිවාඩු දිනයකි. හජ්ජි උත්සවය වෙනුවෙන් එම නිවාඩුව වසර මුල දීම ප්‍රකාශයට පත් වී තිබිණි.

මේ අතර ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක්  ප්‍රකාශයට පත් කරමින් රජය විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

ජූලි 01 වැනිදා සහ ජූලි 02 දා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්ය. ජූලි මස 03 වැනිදා අධි ඇසල පුන් පොහොය දිනයයි. මේ අනුව එක දිගට දින  05ක් රටේ  බැංකු පද්ධතිය නිවාඩුය.
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

10 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago