ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේහි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ ඊයේ (21) රාත්‍රී කාලයේ දී ගින්නක් හට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, බළධාරීන් මැදිහත් වී ගින්නෙන් ක්‍රීඩාංගනයට හානියක් සිදු වීම වළක්වා ගැනීමට සමත් වූ බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද පරීක්ෂණයක් සිදු කර තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බවට නිගමනය කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම විසින් නෙදර්ලන්තය කඩුලු 6 කින් පරාජයට පත් කිරීමෙන් පැය 6කට පමණ පසුවයි මෙම ගිනි ගැනීම වාර්තා වී තිබුණේ.
ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වන්නේ නැහැ. අද පෙරවරු කාලයේ දී ක්‍රීඩාංගනය ඉදිරි තරග සදහා ප්‍රේක්ෂකයින්ට ආරක්ෂිතදැයි සොයා බැලීමක් සිදු කර තිබූ අතර, එහිදී ඉදිරි තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බව තීරණය කර තිබෙනවා.
තරගාවලිය යටතේ මූලික වටයේ තවත් තරග 3ක්, සුපිරි හය වටයේ තරග 4 ක් හා අවසන් මහා තරගය හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
සෙනසුරාදා දිනයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ද මෙම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගයට ඉහළ ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…