Foreign

චීන අවන්හලක පිපිරුමකින් 31 මරුට – චීන ජනපති කම්පාවෙයි !

චීනයේ වයඹදිග නින්ග්සිආ කලාපයේ යින්චුවාන් ප්‍රදේශයේ බාබකිව් අවන්හලක ඊයේ (21) රාත්‍රියේ සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය පවසයි.

අවන්හල තුළ ඇති ද්‍රව ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර එය ඊයේ රාත්‍රී 8.40ට පමණ සිදුව ඇති බව චීන රාජ්‍ය විකාශන ආයතනය කියයි.

විදෙස් මාධ්‍යයවලට අනුව තුවාල ලැබූ හත් දෙනාගෙන් එක් අයකු තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.

අනෙක් හයදෙනා සුළු තුවාල, පිළිස්සුම් සහ වීදුරු කැපුම්වලට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබති. ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන් වාහන 20 ක් සහ ගිනි නිවන භටයින් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අද අලුයම 4 දක්වා පැවති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

චීන නායක ෂී ජින් පිං මෙම පිපිරීම “හදවත කම්පා කරවනසුලු” ලෙස හැඳින්වූ අතර එය “ගැඹුරු පාඩමක්” බව පැවසීය.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම, ආරක්ෂක අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “සියලු උත්සාහයන්” අවධාරණය කරමින් චීනි ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටින බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය කියයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

10 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago