පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා.
එම දරුවාගේ පියා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රෝහලේ වෛද්‍යවරු විසින් ඒ පිළිබඳව තහවුරු කළ බවයි.
පසුගිය මස 23 වැනිදා පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම දරුවා පේරාදෙණිට ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවටයි. ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පියා කියා සිටියේ.
මීට පෙර ද අවස්ථා දෙකක දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ ද නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන්.
දරු ප්‍රසූතියක් සඳහා එම රෝහලට ඇතුළත් වූ කාන්තාවක් සහ තවත් කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.
මෙවන් පසුබිමක රෝහල්වලට නිකුත් කරන ඖෂධ නිසි පරිදි නියාමනය කළ යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…