අත්ලාන්තික් සාගරයේ ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන්වූ සබ්මැරීනය සොයා රටවල් කිහිපයක වෙරළාරක්ෂක බලධාරින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහායි ඇමරිකාව විසින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.
මෙම සබ්මැරීනයේ පුද්ගලයින් 05 දෙනෙකු ගමන්කර ඇති අතර එහි බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙකු ද සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අත්ලාන්තික් සාගරයේ ගමන්කර පැයයි විනාඩි 45කට පසුව එහි සබඳතා බිඳ වැටී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සබ්මැරීනය තුළ පැය 96කට ප්‍රමාණවත් ඔක්සිජන් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අඩි 22ක් දිගින් යුත් මෙම යාත්‍රාවට අඩි 13,000ක් ගැඹුරට ගමන් කළ හැකියි.
ටයිටැනික් නෞකාව නැරඹීමේ සබ්මැරීන චාරිකාව දින 08ක සංචාරයක් වන අතර එහිදී අදාළ සංචාරක සමාගම එක් සංචාරකයෙකුගෙන් ඩොලර් දෙලක්ෂ පනස්දහසක් එනම් ශ්‍රී ලංකා මුදලින් හත්කෝටි පනස් ලක්ෂයක මුදලක් අයකරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…