Local

ඉතිහාසයේ විශාලතම ගංජා වැටලීම !

ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ කාමරයක් තුළ සූක්ෂමව වෙළඳාම සඳහා සකස් කරමින් තිබූ ගංජා කිලෝ එක්දහස් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ඇඹිලිපිටිය පොලිසියේ කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිලිපිටිය කොට්ඨාස ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝදරගම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීමේදී වියළි ගංජා කිලෝ එක්දහස් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් තරාදි දෙකක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago