සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන් වැඩිදුරටත් සදහන් කරයි.
කෙසේ නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් තොග ප්‍රමාණවත් පරිදි පවතින බවයි, Twitter සටහනක් නිකුත් කරමින් කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ.
දෛනික ඔක්ටේන් 95 පෙට්‍රල් අවශ්‍යතාවයට මෙට්‍රික් ටොන් 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් වන බවයි.
ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙසයි අමත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000 ක් රැගත් නෞකාවක් ජුනි මස 22 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.
මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 41 ක ලාභයක් උපයා ගැනීමට ද සමත්වී ඇති බව සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…