News

ජනපති යුරෝපයට – වැඩ බලන්න ඇමතිවරු දෙදෙනෙක් පත් කරයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30 ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වන්නේ. “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝග වලට විසඳුම් සෙවීම” යන්න තේමා කර ගනිමින් එම සමුළුව ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුරදී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින්ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

ජනපති සිය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරය නිමවා නැවත පැමිණෙන තෙක් වැඩ බලන අමාත්‍යවරුන් පත්කොට තිබෙනවා.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කොට තිබෙනවා.

එමෙන් ම රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කොට ඇති බව සඳහන්.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago