බටහිර උගන්ඩාවේ පාසලකට ඒ.ඩී.එෆ්. Allied Democratic Forces (ADF) නම් සංවිධානයට සම්බන්ධ කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරයෙන් පසු විරුංගා ජාතික වනෝද්‍යානය දෙසට පළා ගිය කැරලිකරුවන් උගන්ඩාවේ හමුදා සොල්දාදුවන් විසින් ලුහුබඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ (16) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරයේදී පාසලේ නේවාසිකාගාරයක් ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් කොල්ල කා ඇති බව සඳහන්.
කොන්ගෝව සමඟ උගන්ඩා දේශසීමාවේ සිට කිලෝමීටර් දෙකකට වඩා අඩු දුරකින් පිහිටි පාසලට එල්ල වූ ප්‍රහාරය වසර ගණනාවකට පසුව උගන්ඩාවේ පාසලකට එල්ල වූ පළමු ප්‍රහාරයයි.
1998 වර්ෂයේදී ද අධ්‍යාපන ආයතනයක් වෙත ත්‍රස්ත කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, එහිදී සිසුන් 100 කට අධික පිරිසක් පැහැරගෙන ගොස් තිබූ අතර, 80 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණි.
මේ පිළිබඳව උගන්ඩා ආරක්ෂක අංශ නිකුත් කල Twitter පණිවිඩය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…