Foreign

රුසියානු ගුවන් සේවයේ සහාය නියමුවකු කටුනායක දී හදිසියේ මරුට !

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයේ (15) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඊයේ රාත්‍රී 10.00 ට පමණ ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ “ටැමරින් ට්‍රී” නැමැති හෝටලයේ කානුවකට ඇද වැටී තිබේ.

පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි සේවය කළ වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර බලා, මොහු මිය ගොස් ඇති බවට සනාථ කර තිබේ.

මෙම මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර, මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සහාය ගුවන් නියමුවා අද (16) දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය.

කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago