දරුණු යාත්‍රා අනතුරකින් දරුවන් 100 ක් මුහුදේ ගිලෙයි – මිය ගිය සිරුරු 78 ක් හමුවෙයි (VIDEO)

305 Views
1 Min Read

ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන්වූ මුහුදු සීමාවේදී සිදුවූ දරුණු යාත්‍රා අනතුරෙන් දරුවන් 100 ක් පමණ මරණයට පත්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

දිවි බේරාගත් පුද්ගලයින් පවසා ඇත්තේ යාත්‍රාව තුළ ළමුන් 100 ක් පමණ සිටි බවයි.

එම අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 750ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා. ඊයේ සිදුවූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මරණයට පත්ව ඇති බවද තවත් සිය ගණනක් අතුරුදන්ව ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

මෙය ග්‍රීසියේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකයයි.

මෙම පිරිස ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවටයි විශ්වාස කරන්නේ.

මෙය ග්‍රීසියේ සිදුවු විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන අතර මේ වන විට එරට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

බේරාගත් දරුවකු ගුවනින් රැගෙන ඒමට මුදවාගත් යාත්‍රාවේ සිට රැගෙන එන අයුරු,

Share This Article
Leave a comment