Local

තලංගම ගණිකා නිවාස 06ක සේවය කරමින් සිටිය දි පොලිසියට කොටු වූ ලිංගික ශ්‍රමිකයන් 23 දෙනාම කොළඹ ප්‍රධාන ආයතන වල සේවිකාවන් !

දිවා රාත්‍රී කාලය තුළ ආරක්ෂිතව පහසුකම් සපයන ලංකාවේ වැඩිම ගණිකා නිවාස ප්‍රමාණයක් ඇති බව කියන තලංගම ප්‍රදේශය තුළ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් කළ පුළුල් වැටලීමක දි ගණිකා නිවාස 06ක සේවය කළ ලිංගික ශ්‍රමික කාන්තාවන් 23 දෙනෙක් සහ ගණිකා නිවාස පාලකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂත්වය වන්නේ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් 23 දෙනාම දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාල හා විවිධ ආයතනවල සේවය කරන්නියන් වීමය.

අවුරුදු 20 -35 අතර වූ මෙම කාන්තාවන් සිය රැකියාවෙන් පසු ගණිකා වෘත්තියේ යෙදි ඇත්තේ අමතර ආදායම් ලබා ගැනීම සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව විමර්ශනයේ දි හෙළි වී තිබිණි.

මෙම වැටලීම් සියල්ල සිදුකර ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දී ය. වැටලීම කරන අවස්ථාවේ දී මෙම ගණිකා නිවාසවල සේවය ලබා ගැනීමට පැමිණි රටේ ධනවත් පුද්ගලයින් සහ අසල පිහිටි ආරක්ෂක කඳවුරුවල සාමාජිකයින් හඳුනාගෙන ඇත.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා නිවාස පිළිබඳව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරීන් යොදා දින ගණනාවක් කළ පරීක්ෂණවලින් පසු තහවුරු කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කරනු ලැබුවේය.

වැටලීම් කණ්ඩායම්ව ප්‍රධානීන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් යටතේ උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙක් වැටලීමේ ප්‍රධාන භූමිකා සිදුකර තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස අද (16) කඩුවෙල මහේස්ත්‍රාත් ශානිකි විජේබණ්ඩාර වෙත යොමු කළේය. මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය ගොඩනැගිලිවල හිමිකරුවන් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago