ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවී තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දස (10) දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එම පක්ෂයෙන් දිගින් දිගටම එල්ලවී ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ජාවක් සඳහා අද (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති අතර මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂටද එම රැස්වීමට ආරාධනා කර ඇති බවද සඳහන්.
රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් 45 කට පමණ පිරිසකට පසුගිය සඳුදා (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ආරාධනා කර තිබුනද, මෙම රැස්වීම සදහා පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් ලෙස පැමිණ සිටියේ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, රමේශ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල පමණි. එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට අමතරව පැමිණියේ තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල හා මහින්දානන්ද අළුත්ගමගේ යන දිස්ත්‍රික් නායකයින්ය.
එස් එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම වර්ජකයින් පිරිසට ඇතුළත්.
මැති ඇමතිකම් නොදරන පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන් අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
😂 bro bro..
This is only the start.
Congratulations strugglers.....