Education

මාරු කළ ගුරුවරුන් ඉල්ලා සිසුන් පාරට බසිති !

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසල ඉදිරිපිට එම පාසලේ සමාන්‍ය පෙල සහ උසස්පෙල පන්ති වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසක් සහ එම සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (14) දින උදැසන පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කල ගුරුවරුන් තිදෙනෙකු කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ස්ථාන මාරු කර ඇති බවත්, ඒ සදහා අනුප්‍රාන්තික ගුරුවරුන් තිදෙනෙකු පාසල වෙත ලබාදුන්න ද එම ගුරුවරුන් තිදෙනාගේ ඉගැන්විම් කටයුතු තමන්ට අවබෝධ නොවන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි පාසල් සිසු සිසුවියන් කියා සිටියේ.

උද්ඝෝෂණයේ නිරතව සිටි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ද කියා සිටින්නේ ස්ථාන මාරුවිම් සිදු කල ගුරුවරුන් තිදෙනා පාසලේ සමාන්‍යපෙල සහ උසස් පෙල විභාග ප්‍රතිඵල හෙදින් ලබාදුන් ගුරුවරුන් බවත්, උසස්පෙල විභාගය පැවැත්විමට ආසන්නව තිබියදි එම ගුරුවරුන් තිදෙනා මාරු කිරිම නිසා ළමුන්ට අගතියක් සිදු වන බවයි.

උසස්පෙල විභාගය අවසන් වනතුරු හෝ ස්ථාන මාරුවිම් ලබාදුන් ගුරුවරුන් තිදෙනා යලිත් පාසල වෙත ලබාදෙන ලෙසයි උද්ඝෝෂණයේ නිරතව සිටි සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියේ.

පාසල් වේලාව තුල උද්ඝෝෂණයේ නිරතව සිටි සිසු සිසුවියන්ව ආපසු පාසල කරා යොමු කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගැනිමත් සමග උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් එයට විරුද්ධත්වය පල කලහ.

දෙමව්පියන්ගේ විරෝධතාවය මැද්දේ උද්ඝෝෂණයේ නිරතව සිටි පාසල් ළමුන් පාසල තුලට යැවිමට හැටන් පොලිසිය සමත්විය. උද්ඝෝෂණය සම්බන්ධයෙන් අප එම පාසලේ විදුහල්පති රාමනාදන් ශ්‍රිදර්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම පාසලේ සේවාකාලය වසර 23ක් , 15ක් සහ 09ක කාලයක් පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කල ගුරුවරුන් තිදෙනෙකු රාජ්‍ය චක්‍රලේඛණය අනුව කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ස්ථාන මාරුවිම් ලබා දි ඒ වෙනුවට අනුප්‍රාන්තික ගුරුවරුන් තිදෙනෙකු තම පාසල වෙත ලබා දි ඇති බවයි.

එම ගුරුවරුන් තිදෙනා පාසලේ ඉගැන්විම් කටයුතු වල නිරතව සිටියද එම ගුරුවරුන් තිදෙනා සිදු කරන ඉගැන්විම් කටයුතු තමන්ට අවබෝධ නොවන බව එම පන්ති වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් තමන් වෙත පැවසු බවද විදුහල්පතිවරයා පැවසිය.

ස්ථාන මාරුවිම් ලබාගිය ගුරුවරුන් තිදෙනා හැටන් නගරයේ බාහිර පන්ති පවත්වන ගුරුවරුන් තිදෙනෙකු බවයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සෙසු ගුරුවරු කියා සිටියේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago