රඹුක්කන, බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසලදී පොලිස් අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අද අලුයම පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
රඹුක්කන ප්‍රදේශයේ පදිංචි බජන් නැමැති පුද්ගලයෙකු විසින් අලුයම් කාලයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මාර්ග බාධකය යොදා තිබූ අතර, එම අවස්ථාවේ අණ නොතකා ධාවනය කල පුද්ගලයා බජන් නැමැත්තා බවට ඇති වූ සැකය මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…