ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙරහුරුවක් ලෙස නෙදර්ලන්තයට එරෙහි පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක් අද වාර්තා කළා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර, නෙදර්ලන්ත කණ්ඩායමට සිය ඉනිම ලකුණු 214ක් ලබා තිබියදී සියලු දෙනා දැවී ගොස් අවසන් කරන්නට සිදු වුනා. ඒ පන්දුවාර 45කුත් පන්දු 3කට පමණක් මුහුණ දෙමින්.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සකිබ් සුල්ෆිකාර් ලකුණු 56ක්ද, තේජා නිදාමනුර ලකුණු 48ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත පන්දු වාර 7ක් තුල එක් නිලකුණු පන්දුවාරයක් සමඟින් කඩුලු 3ක් දවා ගනු ලැබුවේ ලකුණු 18ක් පමණක් ලබාදෙමින්.
ධනංජය ද සිල්වා පන්දුවාර 4ක් සම්පුර්ණ කරමින් ලකුණු 18ට කඩුලු 3ක් දවා ගත්තා. මහිෂ් තීක්ෂණ පන්දුවාර 10ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 36කට කඩුලු දෙකයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් තුල ලකුණු 150කට කඩුලු 3ක් පමණක් දැවී ප්‍රබල තත්වයක පසුවුවත් ජයග්‍රාහි ලකුණු සීමාව පසු කරගැනීම සඳහා ඔවුන්ට කඩුලු 7ක් වැය කිරීමට සිදුවුනා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි එක් පන්දුවක් තුල ජයග්‍රාහි ලකුණු 215 වාර්තා කරගැනීමට සමත් වුනා.
කලකින් සුපිරි ඉනිමක් දියත් කල නායක දසුන් ශානක පන්දු 47ක් තුල නොදැවී වේගවත් ලකුණු 67ක් රැස්කරනු ලැබුවා. දිමුත් කරුණාරත්න ලකුණු 47යි. කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් ද, චාමික කරුණාරත්න ලකුණු 16ක්ද රැස්කරගනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිමේ ලකුණු රස්කරගැනීමේ වේගය වැඩි කරගැනීමට උත්සාහ කල බවක් ද දක්නට ලැබුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වන මීළඟ පුහුණු තරඟය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ ලබන 15 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…