Local

සීගිරි චිත්‍ර විනාශ වී යාමේ අවදානමක් !

සීගිරි චිත්‍ර විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ ඇති වටිනාම චිත්‍ර ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි සීගිරි සිතුවම් නැරඹීම සඳහා විදේශිකයකු ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 30කි. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් අති බහුතරයක් අනිවාර්යයෙන්ම සීගිරි චිත්‍ර නැරඹීමට පැමිණෙන බැවින් මෙරට වැඩිම ආදායම් ලබන පුරාවිද්‍යා ස්ථානය වන්නේ සීගිරියයි.

සූර්යාලෝකය සෘජුව මේ චිත්‍ර මත පතිතවීමෙන් චිත්‍ර විනාශ වී යා හැකි බැවින් ඒ සඳහා වසර ගණනාවක සිට විශේෂ ආවරණයක් සවිකර ඇති අතර එම චිත්‍ර මත කෘතිම ආලෝකය පතිතවීමෙන් පවා හානියක් සිදුවිය හැකි බැවින් ඡායාරූප ගැනීම ද තහනම් කර තිබේ.

නමුත්, සීගිරි චිත්‍ර සඳහා යොදා ඇති ආවරණය තැන තැන ඉරී ගොස් කෑලි එල්ලා වැටෙන අතර ස්ථාන කිහිපයකින්ම සිදුරු සෑදී සූර්යාලෝකය සීගිරි චිත්‍ර මත සෘජුව පතිතවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්ෂණ විශේෂඥයන්ට අනුව සීගිරි චිත්‍ර මත සූර්යාලෝකය හෝ කෘතිම ආලෝක කදම්භ පතීතවීම චිත්‍ර විනාශ වී යාමට හේතුවක් වුව ද දැන් එහි ඇති තත්වය ගැන ඔවුන්ගේ කිසිදු තැකීමක් ඇති බවක් පෙනෙන්නට නැත.

වසරකට ලක්ෂ ගණනක් විදේශීය සංචාරකයන් පැමිණ මුදල් ගෙවා නරඹන සීගිරි චිත්‍ර සඳහා යොදා ඇති මේ විශේෂ ආවරණය තැන තැන ඉරී කඩමාලු බවට පත්ව ඇති ආකාරය ද ලජ්ජා සහගතය. මේ සිතුවම් වෙනත් රටක් සතුවූයේ නම් මේවාට මීට වඩා ආරක්ෂාවක් සහ වටිනාකමක් ලැබෙනු ඇත. එහි පැමිණෙන විදේශිකයන්ට මේ කඩමාළු දකිනවිට ශ්‍රී ලංකියන් මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථානවලට දෙන වටිනාකම ගැන ඔවුන් යම් තක්සේරුවක්ට එළඹෙනු ඇත.

සීගිරිය පාලනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ වුව ද සීගිරි චිත්‍රවල භාරකාරත්වය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවය. එබැවින් අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් මේ පිළිබඳ විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“ සීගිරි චිත්‍ර ආවරණය කරලා තියෙන්නේ හිරු එළියෙන් එම චිත්‍රවලට ආරක්ෂාවක් ලැබිය යුතු නිසා. ඒ ආවරණය සිදුරුවෙලා ද කියා ඇත්තටම මා පුද්ගලිකව නම් දැනගෙන සිටියේ නැහැ. අදම ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර හැකි ඉක්මණින් ගන්නම්. ස්තූතියි ඒ ගැන දැනුම්වත් කළාට”

අප ඔහු ඇමතුවේ මිට දින කිහිපයකට පෙර දී ය. පසුගිය 09වැනිදා වනවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අප සමඟ පැවසූ පරිදිම ඊට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අප වෙත වාර්තා වේ. චිත්‍ර පිහිටි ස්ථානයේ නව ආවරණයක් සැකසීමට මේ වනවිට පියවර ගනිමින් සිටියි.

TEAM CNF 02

Recent Posts

මාතලේ, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ !

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…

7 hours ago

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළී 06ක් අතුරුදන් !

පුද්ගලයන් 11 දෙනෙක් රැගත් ට්‍රැක්ටරයක් කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය අසළ පාලමක් මතින් ගමන්…

7 hours ago

උසස් පෙළ දින තුනකට නවතා දමයි !

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…

12 hours ago

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

16 hours ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

20 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

20 hours ago