මැයි මස පළමුවනදා සිදු වූ මාරාන්තික ගුවන් අනතුර සිදු වී දින 40කට පසු, එහි ගමන් කළ දරුවන් සිව්දෙනා සොයා ගැනීමට හැකියාව ලැබුණු බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ පවසනවා.
කොලොම්බියාවේ ඇමර්සන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක් වනාන්තරයට කඩා වැටීමෙන් පසුව, එහි ගමන් කළ කාන්තාවක් (දරුවන්ගේ මව) සහ ගුවන් නියමුවා ඇතුළු වැඩිහියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ගුවන් යානයේ ගමන් කළ කුඩා දරුවන් සිව්දෙනා සොයා කොලොම්බියානු රජය මෙහෙයුමක් දියත් කළේ ඉන් අනතුරුවයි.
සොල්දාදුවන් සියයකට වඩා ඒ සඳහා සහභාගී වී ඇති අතර, දින 40ක මෙහෙයුමකින් පසුව දරුවන් සිව්දෙනා නිරුපද්‍රිතව සොයා ගත හැකි වූ බව, කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අදාළ දරුවන් වයස අවුරුදු 13, 09, 04 සහ මාස 11 යන වයස්වල පසුවන බවයි වර්තා වන්නේ. දින 40ක් පුරා ඔවුන් ඇමර්සන් වනාන්තරයේ ගමන්කරමින් සිට තිබෙනවා.
මේ වන විට දරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.