Local

කුඩු ටොන් 3කට කරන්න දෙයක් නැතිව විශාල අර්බූදයක් !

පසුගිය අවුරුදු 3ක කාලය ඇතුළත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ටොන් 3කට ආසන්න මත් කුඩු ප්‍රමාණයක් අධිකරණ සහ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති බව අනාවරණය වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගන්නා කුඩු තොග සෙල්ෂියස් අංශක 1000ක උෂ්ණත්වය යටතේ පිලිස්සීම සිදුකළ යුතුව ඇතත් ඒ සදහා ස්ථානයක් නොමැති වීම හේතුවෙන් කුඩු තොග එක්රැස්ව පවතින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුවේදී සදහන් කොට තිබිණ.

එමෙන්ම මෙම කුඩු තොග ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට හැකි නමුත් ඊට පරිසරවේදීන් විරෝධය පළ කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව 2020 වසරේ සිට ඇල්ලූ කුඩු තොග තවමත් එලෙසම පවතින බවද ඒ මහතා එහිදී පෙන්වා දී තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago