මහනුවර, කටුගස්තොට ප්‍ර්‍රධාන පෙලේ පාසලක ඇති වූ ගැටුමකදී සිසුන් පිරිසක් විසින් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දී තිබෙනවා.
එම පහරදීමෙන් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මහනුවර ජාතික රෝහලටයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකු වන අතර, පහරකෑම හේතුවෙන් අදාළ සිසුවාට ඊයේ ලබාදුන් ගණිතය දෙවන ප්‍ර්‍රශ්න පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාව ද මග හැරී තිබෙනවා.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, මෙම සිසුවාට පාසල වෙත ගොස් විභාගයේ ඉදිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අපහසු නම් ඔහුට රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා තම අවසරය ලබා දුන් බවයි.
සිසුවා ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා සිසුන් පිරිසක් සමඟ විදුහලේ ආපනශාලාව වෙත ගොස් දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට යමින් සිටිය දී, එම සිසුවා ඉගෙනුම ලබන පන්තියේම තවත් සිසුන් පිරිසක් ඔහුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදෙන බව පවසමින් පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
සිසුවාට පහර දුන් සිසුන් පිරිස කිසියම් අධ්‍යාපනික හේතුවක් මත ඔහු සමග අමනාපයෙන් සිටි බව ද වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ඇත්ත කතාව මේක නෙවෙයි. මීටවඩා ලොකු දෙයක් මෙතන තියනවා. කටුගස්තොට ශාන්ත අන්තෝනි එකේ මේ සිද්දිය. විදුහල්පති සත්ය සගවා බොරු ප්රචාරය කරන්නෙ.
මෙි සිද්ධියට සම්පූර්ණ වග කියන්න ඔින කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ පිුන්සිපල් වන (පාද) හෙන්ද්‍රි මෙි සිද්ධිය සමිබන්ධ කිහිප වතාවක් පාද දැනුවත් කරත් මෙි සිද්ධිය අධ්‍යාපනික හේතුවෙන් වුනු දෙයක් නොවන අතර පාද විසින් පාසලේ රගර් කණ්ඩායම විභාග මධ්‍යස්ථානයට රැගෙන එම සහ එය පාද විසින් සිසුන්ගේ විභාග අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්.එය තරයේ හෙලා දකින අතර ඔහුගේ අනියම් සමිබනධයක පුඵිපලයක් වන පාසලේ රගර් කණ්ඩායමෙි නායකයා වන සහන් වෙත පාසලේ පාලනය පවරා ඇති බවයි මෙයින් පෙනි යන්නේ.අද දිනත් සිසුන් කිහිප දෙනෙකුට විභාග මධ්‍යස්ථානයට ඇතුළු විමට මෙම සිසුවා ඉඩ ලබා දි නැත .මෙි සමිබන්ධ බලදාරින් ගන්නා කිුයාමාර්ග අප දෑස් ඇර බලා සිටිමු
අනේ අනේ සහන්ගෙ අම්මට ගිය ඉස්කෝලේ😹💔