අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (ජූනි 7) පස්වරුවේ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
කිලිනොච්චිය පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එමෙන් ම ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සමග ඇතිවූ ආරවුලකට අදාළව මන්ත්‍රීවරයාට පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.
ඒ, ජූනි 2 වන දා ය.
අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබුණ ත් ඔහු නොපැමිණි නිසා පොලිසිය ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් ලබා ගෙන තිබිණි.
අනතුරුව කිලිනොච්චි පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (ජූනි 7) උදෑසන මන්ත්‍රීවරයාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…