Cricket

අවසන් තරඟයේ පහසු ජයත් සමඟින් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගාවලි ජය තහවුරු කරගනී (PHOTOS)

සංචාරක ඇෆ්ගනිස්තානය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 117 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න සමත් වුණා.

පැතුම් ලකුණු 51 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දිමුත් නොදැවී ලකුණු 56 යි. පන්දු 45 කින් වාර්තා වූ දිමුත්ගේ ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත් වුණා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ක් ලබා ගත්තා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්තේ පන්දුවාර 22.2 ක් අවසානයේ දී යි. මොහමඩ් නබී ලකුණු 23 ක්, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 22ක් හා ගුල්බදීන් නයිබ් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 63 කට කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 7කට කඩුලු 3 ක් බිද හෙලුවා. ලහිරු කුමාර කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්.

තරඟයේ වීරයා බවට පත්වුයේ කඩුලු හතරක් දවාගත් දුෂ්මන්ත චමීර

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago