Uncategorized

හිටපු නිල නිවස අවට සද්දේ වැඩියි – ගෝඨාභය රාජපක්ෂ නව නිල නිවෙසකට මාරුවෙයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි රජයේ නිල නිවසක පදිංචියට ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණේ, හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති මෙම නව නිල නිවාසය ඔහුගේ සහෝදරයා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද පදිංචිව සිටි නිල නිවාසයක් බවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවෙස්වලට යාබදව පිහිටා ඇති මෙම නිල නිවස්නය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යටතේ මීට පෙර තිබී ඇති අතර එය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පැවරීමේ දී ඒ සඳහා ඔහුගේ එකඟතාවය ලැබී ඇතැයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණා.

හිටපු ජනාධිපතිවරයා නව නිල නිවෙස වෙත යාමට හේතුව ලෙස එම පුවත් වාර්තාව සඳහන් කර තිබුණේ කොළඹ මලලසේකර මාවතේ ඔහුට වෙන් කර තිබූ නිල නිවෙස ඝෝෂාකාරී පරිසරයක පැවතීම බවයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයා තමන් ධූරයේ කටයුතු කරන විට සිටි ආරක්‍ෂක බල ඇණිය ම ඔහුගේ ආරක්ෂාව සඳහා රඳවා ඇති බවට එම පුවත් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරන අතර එම ප්‍රමාණය සියයකට අධික බවයි එහි සඳහන් වූයේ.

Ceylon News Factory

View Comments

  • Why should the country spend so much to maintain the person who destroy the country. If a government employee resigned from the job before retirement he is not entitled for pension but this rule is not applicable for politicians. A commission should be appointed to decide whether this fellow is entitled for any benefits from the government. He vacated the post after destroying the country. He should be punished along with Cabral ,Jayasundere and Basil

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago