ලොවක් කම්පා කරමින් ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
අනතුර සැලවීමෙන් තමන් මහත් කම්පනයට පත් වූ බවයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ.
මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රටවාසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අනතුරින් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කර සිටියා.
එමෙන්ම අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණදීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කරන්නේ.
උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ…
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකයන් හා දඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…