සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ද නියමිත බව වාර්තා වෙයි.
තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
ඒ අනුව, මෙම තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමය.
තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා පිල අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය. මේ අතර තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම අද දිනයේ මහීෂ් තීක්ෂණටද අවස්ථාවක් හිමිවනු ඇතැයි වාර්තා වෙයි.
ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…