Economy

ශ්‍රී ලාංකිකයන් සැමට, බදු ලිපිගොනුවක් විවෘත වෙන්නේ මෙහෙමයි !

වසය අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට බදු ගොනුවක් විවෘත කරන බවත්, එසේ වුව ද සියලු දෙනා බදු ගෙවීම අවශ්‍ය නැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

බදු ගොනු අංකය අනුව ඉදිරි සුබසාධක කටයුතු සිදුකරන බවත් ලබන 2024 ජනවාරි 01 වැනි දා සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

විවිධ වෘත්තීන් 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද රජය විසින් නිකුත් කර තිබේ.

සේව්‍ය සේවක දෙපාර්ශවය ම එක්ව යම් පුද්ගලයකුට මාසිකව රුපියල් 20,000.00කට වැඩි දායකත්වයක් අර්ථ සාධකඅරමුදලට සපයන්නේ නම් ඔවුන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය වෙයි.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති වෘත්තීන් සහ පුද්ගලයන් පහත දක්වා ඇත.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
  • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
  • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
  • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර).
  • 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
  • ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන්.
  • පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගත් ඕනෑම පුද්ගලයෙක්.
  • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000.00 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000.00 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

එම ගැසට් නිවේදනය අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වෙයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago