Local

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර !

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බවද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉතාලි තානාපතිනිය වෙත යොමු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අවසරය හිමිවී තිබේ.

ඉතාලි තානාපතිවරිය සහ අධිකරණ ඇමැතිවරයා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාලි ජාතිකයන්ටද මෙරට කටයුතු කිරීමේදී ඉතාලි වලංගු රියැදුරු බලපත්‍ර භාවිත කිරීමට ශ්‍රී ලංකා රජයේ එකඟතාව ලබා දෙන ලෙසද තානාපතිවරිය, ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය සැලකිල්ලට ගෙන එම ඉල්ලීම කඩිනමින් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බව අධිකරණ ඇමැතිවරයා ඉතාලි තානාපතිවරියට එහිදී දැනුම් දී ති​බේ.

Team CNF

View Comments

  • මේ සදහා කැපවීම කරපු මගේ ස්‍රී ලාංකික තානාතිපති තුමේනි සහ ඒ අදාල අංශයන්හි කටයුතු කරන සියලුම දෙනාට හද පිරි ස්තූතිය පුද කරමි..

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago