Local

යළි ඉන්ධන පෝලිම් හැදෙන්න හේතුව මෙන්න !

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ සංශෝධනයත් සමගින් ඉන්ධන පිරවුම්හල් මගින් නව මිළ යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) අලුයම සිට සිදු කෙරුණා.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ අතර, ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් ද වනවා.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කර ඇති අතර, කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් ලෙස සඳහන්.

මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඉහළ දමා ඇති අතර, ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 වන අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක තව දුරටත් එලෙසම පවතිනවා.

ඉන්ධන මිළ අඩු-වැඩි වීම් සිදු වූවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තොග නොමැති අයුරුද නිරීක්ෂණය වුණා.

මිළ සංශෝධනය සිදු වීමට නියමිත වීම හේතුවෙන් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග ඇනවුම් නොකරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් ඉන්ධන තොග ඇති ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැක ගත හැකි වූ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතාව කියා සිටියේ, ඉන්ධන මිළ පහළ දැමීම හොඳ තීරණයක් බවයි.

ඇතැමුන් කියා සිටියේ “අඩු කළාට වැඩක් නෑ, වැඩි කරන කොට 150-200 න් වැඩි කරලා රුපියල් 15 ක් අඩු කරලා වැඩක් නෑ, තෙලුත් නෑ පෝලිම් තියෙනවා.පළවැනිදාට මිළ අඩුවෙනවා කිව්වම ෂෙඩ් වලින් තෙල් ගේන්නේ නෑ ඒ නිසා පෝලිම්”

මේ අතර අප හැටන් වාර්තාකරු පැවසූවේ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (01) අලුයම සිට ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති විම නිසා රථ වාහන හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි.

රජය මගින් (01) දින අලුයම සිට ඉන්ධන මිල අඩු කිරිමට තිරණය කිරිමත් සමග හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සංචිතයේ තබා නොගැනිම නිසා මෙම ඉන්ධන හිගය ඇති වි ඇතැයි ඔහු ‌සඳහන් කළා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (31) පස්වරුවේ සිටම ඉන්ධන නොමැති විම නිසා ඉන්ධන සංචිතයේ තිබුණු ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට දිගු වාහන පොලිම් දක්නට ලැබුණා.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago