Local

මත්කුඩු බලයෙන් දේවකාරිය කළ පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවා අද අධිකරණයට !

මත් කුඩු සමග අත්අඩංගුවට ගත් මහා අනුහස් සම්පන්න යැයි බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමු සුප්‍රකට පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවෙක් අද (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
ඊයේ (31) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරදී හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් සමග මෙසේ අත්අඩංගුවට පත්වන්නේ (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට තිබිණි.

කපුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටියදි ය.

වාර්තා වී ඇති මෙම කපුවා බැතිමතුන්ට යාතිකා කර ඇත්තේත් ඔවුන්ගේ පුජා විධි පවත්වා ඇත්තේත් පන්සල තුළදිම මත් කුඩු උරා හොඳ පදමට මත්වීමෙන් අනතුරුව බවය.

දේවකාරියේ යෙදී සිටින අතර ඔහු යතුරුපැදියෙන්ම ගොස් බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරුවලින් මේ ආකාරයෙන් මත්කුඩු මිලදී ගෙන පානය කර දේවකාරිය කරන බවත්, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago