අවශ්‍ය කර සිටින සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුවු වෙඩිතැබීම සම්බන්ධයෙන් එම සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී – 56 ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතී. ඒ අනුව හඳුනාගෙන ඇති ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ලංකා ඒකනායක නැමති 33 හැවිරිදි එම පුද්ගලයා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු වෘත්තියෙන් සමාජ ශාලා කළමනාකරුවෙක් බවත් වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට උඩු අතට කුරුල්ලෙකුගේ පිහාටු රුව කළු පාටින් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.
ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…