ෂාෆ්ටර්ගේ මවගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකට – දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැය 4ක් !

397 Views
1 Min Read

ජනශක්ති සමූහ ව්‍යාපරායේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ රුධිර සාම්පල ගෙන, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිරය සමඟ සසඳන ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය (26) අධිකරනයෙන් කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.

මේ වන විටත් අධිකරණය විසින් දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාළව ඩීඑන්ඒ වාර්තා සඳහා රුධිර සාම්පල 50කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මව විදේශගතව ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලට අදාළව රැස් කළ සාක්ෂි මත දේහය යළි ගොඩ ගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කරමින් පවතී.

Share This Article
Leave a comment