Local

නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට !

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් සහ Standup Comedy වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙස ප්‍රචලිත නතාෂා එදිරිසූරිය මිට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ බවට දක්වමින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද සවස පැමිණිල්ලක් ඉදිරිපත් වුනා.

අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පසුගියදා පැවති “මෝඩාභිමානය” නම් Standup Comedy වැඩසටහනේදී අදාළ ප්‍රකාශය සිදුකල බවට පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.

මේ අතර නතාෂා එදිරිසූරියට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයටද ඉදිරිපත් කර තිබු අතර පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්ස එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ නමුත් ඉකුත් දා ඇය විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය නාලිකාවක දී අදාල ප්‍රකාශය හේතුවෙන් කිසියම් පාර්ශවයකට අගතියක් වී ඇත් නම් ඒ වෙනුවෙන් සමාව අයැද සිටීමට ද කටයුතු කළා.

Ceylon News Factory

View Comments

  • එදිරිසූරිය කියන වාසගම තියෙන පොලිස් නිලධාරීයෙක් ඉන්නව ඒ මිනිහත් මේ වගේම පහත් වැඩ කරන්නෙ
    මේ වාසගම තියෙන අය ගැන සොයා බලන්න

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago