Local

වව්නියාවේ පාසලකට බෝම්බ බියක් !

බෝම්බ තර්ජනයක් පිළිබදව ලැබුණු තොරතුරක් මත වවුනියාවේ රම්බෙයිකුලම් බාලිකා විද්‍යාලයට ඊයේ (25) සවස සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දි ඇතී අතර දැරියන්ගේ දෙමව්පියන් දැඩි භීතියකට පත්ව සිටිති.

තමන් පොලිසියෙන් ලෙස හඳුන්වා දුන් පුද්ගලයින් දෙදෙනෙක් මෙම බාලිකා විදුහලට පැමිණ ප්‍රධාන ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාට පවසා ඇත්තේ පාසලේ සිසුවියන් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සදහා බෝම්බ කරුවන් දෙදෙනෙකු පාසල අසල ගැවසෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් දෙදෙනා මෙම පණිවුඩය ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පවසා පාසලෙන් බැහැරව ගොස් තිබේ.

ආරක්ෂක නිලධාරියා වහාම විදුහල්පතිනිය හමු වී මේ පුවත ප්‍රකාශ කිරීමත් සමගම පාසල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් පාසලට පැමිණ ඔවුන්ගේ දරුවන් නිවෙස් වලට රැගෙන යාම සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ පාසලට ආරක්ෂාව ලබා දී තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago